Capitol TwinPeaks විසින් “ශ්‍රී ලංකාවේ නාගරික මහල් නිවාස පෙවෙතෙහි අනාගතය” තුලින් ක්ෂේත්‍රයේ දැවෙන ගැටලු රැසකට විසඳුම්

2019 - November - 29

Capitol Developers හි අධ්‍යක්ෂක එමෙන්ම Capitol TwinPeaks නාගරික මහල් නිවාස ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක රෝහන වන්නිගම මහතා ” ශ්‍රී ලංකාවේ නාගරික මහල් නිවාස පෙවෙතෙහි අනාගතය” අමතා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සමඟ පැවති සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලැබුවේ නාගරික මහල් නිවාස ඉදිකිරීම් සංවර්ධකයින් මුහුණපාන ගැටලු පිළිබඳවයි. ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (CCI) විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය 2019 අගෝස්තු 21 වන දින කොළඹ 7 හි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

CCI හි සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ, Sanken කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමේ ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක මහතාගේ නායකත්වයෙන් යුත් මෙම අවස්ථාවට දේපළ වෙළඳාම් සහ ඉදිකිරීම් පිළිබඳ ක්ෂේත්‍රයේ ඉතා දැවැන්ත චරිත මෙන්ම රට පුරා සිටින ආයෝජකයින්, කළමනාකරුවන් සහ කර්මාන්ත හවුල්කරුවන් පිළිගනු ලැබීය.

වන්නිගම මහතා ශ්‍රී ලංකාවේ මහල් නිවාස ඉදිකිරීම් සංවර්ධකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳ සිය දේශනයේදී අනුමත ක්‍රියාවලීන්, ව්‍යාපෘති මූල්‍යකරණයේ අධික පිරිවැය සහ බැංකුවල අත්‍යවශ්‍ය කාර්යභාරය, යටිතල පහසුකම් ප්‍රමාද වීම, විදේශ විනිමය අනුපාත ඉහළ පහළ යාම් හා සමානාත්මතා විචල්‍යතාව, අමුද්‍රව්‍ය ආනයනයේ දී අනුගමනය කරන ආරක්ෂණ ප්‍රතිපත්ති, විදේශීය සෘජු ආයෝජන සහ දේපළ වෙළඳාම්වල බදු හි අස්ථාවර බව වැනි කරුණු පිළිබඳව සොයා බලන ලදී.

වන්නිගම මහතා සිය දේශනය අතරතුරදී මෙසේ සඳහන් කළේය. “අතීතයට වඩා මිනිසුන් ඉතා සීඝ්‍රයෙන් නගර පදනම් කරගත් ජීවන රටාවකට ඉතා වැඩි නැඹුරුවීමක් දැකගත හැකිවේ. සංවර්ධකයින් වශයෙන් නගර තුළ ඇති සීමිත ඉඩකඩ සැලකිල්ලට ගනිමින් මෙම නගර සීමා වල ඉඩම්, පහසුකම් සහ වෙනත් පහසුකම් වැනි සීමිත සම්පත් භාවිතා කිරීම සඳහා ආර්ථික විසඳුම් සෙවිය යුතුය.ශ්‍රී ලංකාවේ නාගරික දිවිපැවැත්මෙහි අනාගතය මෙය වනු ඇති බවට සැකයක් නැති බැවින් නාගරික මහල් නිවාස සංවර්ධනය පිළිබඳ සංකල්පය පෙරට වඩා ඉස්මතුව ඇත. මීට පෙර අපි ප්‍රජාවක් ලෙස ගම්වල ජීවත් වූවෙමු. එයම වර්තමානයේ අප කරනු ලබන්නේ නගරයේ සිරස් ගම්මානයක් ලෙස පෙනෙන උස් මහල් නිවාස ඉදිකිරිමෙනි. තවද විශාල වශයෙන් සමාජයේ සුභසාධනය සඳහා විශාල මහල් නිවාස සංවර්ධන දායකත්වයක් ලබා දිය යුතු අතර එසේ දායකත්වයක් ලබා දීමට සංවර්ධකයින් හට පවතින ගැටලු සොයා බලා ඒ සඳහා පිළියම් ලබා දීම අප විසින් සිදුකල‍ යුතුය”

මීට අමතරව, වන්නිගම මහතා සඳහන් කළේ, “නාගරික සංවර්ධකයින්ගේ දැනුම හා අවබෝධය අනුව ශ්‍රී ලංකා දේපළ වෙළඳාම් අංශය යටතේ ඔවුන් ශ්‍රේණිගත කල යුතු අතර, නාගරීක මහල් නිවාස ගැනුම්කරුවන්ගේ සහ ආයෝජකයින් යන දෙපාර්ශවයේම උන්නතිය සඳහාත්, ගැනුම්කරුවන් සහ ණය දෙන්නන් ආරක්ෂා කිරීම සඳහාත් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් තිබීම අපට ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ වඩා ගුණාත්මක නාගරික මහල් නිවාස සංවර්ධන කර්මාන්තයක් ගොඩනැගීම සඳහා වන ක්‍රියාවලීන් පරිපූර්ණ කරමින්, දැනට මුහුණ දී සිටින අභියෝග ජය ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවන පරිදි නාගරික සංවර්ධකයින්ගේ ගැටලු සඳහා අර්ථවත් ආකාරයකින් මුහුණ දීමට යම් දාකයත්වයක් ලබාදී ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”

ඉතා මනස්කාන්ත බේරේ වැව ඉදිරිපස ඇති, Sanken සමූහ ව්‍යාපාරය යටතේ පවතින Capitol TwinPeaks අති සුඛෝපභෝගී නාගරීක මහල් නිවාස සංකීර්ණය ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පිළිගැනීමක් ලබා ඇති අතර සමකාලීනව ශ්‍රී ලංකාව අවට සුවිශේෂී ස්ථාන කිහිපයකම හා කොලඹ ඉදි වූ අති දැවැන්ත අහස සිඹින ගොඩනැගිලි කිහිපයකටම ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ Sanken ආයතනයයි. ඒ සමස්ථ දේපළ වෙළඳාම් පිළිබඳ විශේෂ රටවල් 12 කට අධික සංඛ්‍යාවක් හා Sanken සමාගම හා අනුබද්ධිත උප සමාගම් 17 කට අධික සංඛ්‍යාවක් සමඟිනි